ඇඟට දැනෙන වෙනසක් හෙට ! මෙන්න ව්ස්තරය

Weather Sinhala news
By Hashan May 12, 2025 11:00 AM GMT
Hashan

Hashan

Report

හෙට (13) දිනයේ දී ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු මට්ටමකින් උෂ්ණත්වය පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කර සිටියා.

අද (12) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට දිනය සඳහා වලංගු වන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ .

තීරු බදු අඩු කරන්න චීනය සහ ඇමරිකාව එකඟ වෙයි.

තීරු බදු අඩු කරන්න චීනය සහ ඇමරිකාව එකඟ වෙයි.

අම්පාර, මඩකළපුව, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කළා.   

එම ප්‍රදේශවල වැඩ බිම් තුළ සිටින ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම හා සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතය සුදුසු වනවා.

මේ අතර නිවෙස් තුළ වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැලකිලිමත් විය යුතු බවයි සඳහන් වන්නේ.

වාහන තුළ කුඩා ළමුන් තනියම රඳවා නොයන ලෙස ද, එළිමහනේ අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙස ද ,ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටියා .

කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට

කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට

ReeCha