හිටපු බන්ධනාගාර වෛද්‍ය හේමන්ත රණසිංහ තවදුරටත් රිමාන්ඩ්

Report

 2024 වසරේ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ මහතා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගයක් නිකුත් කළාය.

විමල්, තිස්ස, වාසු ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපේ

විමල්, තිස්ස, වාසු ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපේ

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සඳහා රඳවා සිටි රඳවියකු ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව බූස්ස බන්ධනාගාරයට නොයවා රෝහලේ රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ඉල්ලා, ඉන් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට සැකපිට මෙම වෛද්‍යවරයා අල්ලස් කොමිසම විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණි.

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල