අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පුටුව වහාම එම්.කේ.එස්.ආර්.ඩී. සමරසිංහට දෙන්න අනුමැතිය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරන ලද ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී ඒ. පී. පී. දිස්නා මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.
එබැවින් දැනට එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) වශයෙන් සේවය කරන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී එම්.කේ.එස්.ආර්.ඩී. සමරසිංහ වහාම ක්‍රියාත්මක වන ආකාරයට අපනයන කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කර ඇති බව වාර්තා වේ.
