යුද්ධෙට නැවතුණු අලිමංකඩ උතුර ලුණු ලේවාය ආයෙත් වැඩට
උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුදමය වාතාවරණය නිසා නැවතී තිබූ කුරුන්චතිවු (අලිමංකඩ - උතුර) ලුණු ලේවාය යළි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට එහි නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීමට දේශීය ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන ඇතත් එමඟින් බලාපොරොත්තු වන ප්‍රතිඵල අත්පත් කරගැනීමට නොහැකි වී තිබෙන බව සඳහන්.
ඒ නිසා අලිමංකඩ උතුර ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ යළි ආරම්භ කිරීමට ජාත්‍යන්තර ලෙස අභිලාශ ප්‍රකාශ කැඳවීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.