එහෙම මේ සල්ලි ටිකක් අච්චු ගැහුවට උද්දමනය නගින්නෑ, බය වෙන්න එපා බඩු මිල ස්ථාවරයිනේ ඕක නෝමල් කියන ප්‍රසන්න
මුදල් අච්චු ගැසීම සිදුවන්නේ රටේ අවශ්‍යතාව අනුව බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු එය සෑම අවුරුද්දකම සිදුවන සාමාන්‍ය දෙයක් බවට පෙන්වා දෙයි.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි නොවන බවත් මේ වන විට බඩු මිල ස්ථාවර වී ඇති බවත් ය.
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ ගත වූ මාස 10කට ආසන්න කාලය තුළ ආණ්ඩුව රු. ට්‍රිලියන 1.225ක මුදලක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේදී යි.
