රාත්‍රී සමාජ ශාලාවක නැටුවට පැහැරගෙන ගිහින් හොද වෙලාවට පොලීසියෙන් අල්ලාගෙන

Report

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ රාත්‍රී සමාජ ශාලාවල නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කරන කාන්තාවක් මෝටර් රථයකින් පැහැරගෙන යාමේ සිද්ධියකටයි.

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

මෙම පුද්ගලයන් දෙදෙනා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පොලිස් හදිසි ඇමතුම් අංක 119ට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ලද තොරතුරට අනුව ග්‍රෑන්ඩ්පාස් කැලණි නදී විහාරස්ථානය අසල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ක්ෂණික මාර්ග බාධකයක් යොදා පරික්ෂා කිරීමක් සිදුව ඇත.

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

එහිදී මාර්ග බාධකය පසුකර යාමට තැත් කල මෝටර් රථය තුලින් කාන්තාවක් තමාව පැහැරගෙන යන බවට කෑගසා ඇත.

එවිටම පලා යාමට තැත් කළ රථය නවත්වා කාන්තාව මුදාගත් අතර, රථයේ සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

කොටහේන අම්ෂිකා දැරියට මොකද වුණේ? මෙන්න අද අධිකරණ තීන්දුව

කොටහේන අම්ෂිකා දැරියට මොකද වුණේ? මෙන්න අද අධිකරණ තීන්දුව

මුදාගත් 35 හැවිරිදි කාන්තාව සීදූව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, කොළඹ 14 ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදී මෙම පැහැරගැනීමට ලක්ව තිබේ.