වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙන්න

Report

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 490කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 424ක් දක්වා ඉහළ යනු ඇත.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 05කින් මිල ඉහළ නැංවෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 397කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 543ක් දක්වා ඉහළ යනු ඇත.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

නමුත් භූමිතෙල් මිල වන්නේ රුපියල් 285 ක් වන අතර භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුවන්නේ නැත. ලංකා අයි.ඕ.සී. (Lanka IOC) සමාගම විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සමඟ සමාන කිරීම සඳහා 92 ඔක්ටේන් පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ නංවා ඇත.

ඒ අනුව, මෙතෙක් පවත්වාගෙන ගිය මිල සංශෝධනය කරමින් සිපෙට්කෝ මිල ගණන්වලට සමානව මෙම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.

එනමුත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කිරීම ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.   

අදාළ නිවේදනය පහතින්,

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් සඳහා - හෙට සිට ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් සඳහා - හෙට සිට ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක්

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

ලාෆ්ස් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස්? ගෑස් ප්‍රශ්ණය විසඳන්න අමාත්‍යවරයාගෙන් යෝජනාවක්

රාජ්‍ය අංශයේ වැටුප් රු. 80,000 දක්වා ඉහළට? රජයේ සේවක වැටුප 20,000 සිට වැඩි කිරීමක්?

රාජ්‍ය අංශයේ වැටුප් රු. 80,000 දක්වා ඉහළට? රජයේ සේවක වැටුප 20,000 සිට වැඩි කිරීමක්?


Gallery