දිස්ත්‍රික්ක 17කට හදිසි 'ඇම්බර්' අකුණු අනතුරු ඇඟවීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැයට නිකුත් කළ රතු එළිය මෙන්න
දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ප්‍රදේශ කිහිපයක් සඳහා දැඩි අකුණු අනතුරු සම්බන්ධයෙන් ‘ඇම්බර්’ (Amber) මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අද (02) පස්වරු 12.00ට නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම පස්වරු 1.00 දක්වා බලපැවැත්වෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අනතුරු ඇඟවීම අදාළ වන ප්‍රදේශ පහත පරිදි වේ.
කොළඹ දිස්ත්‍රික්කය -අවිස්සාවේල්ල, හෝමාගම සහ කඩුවෙල
ගම්පහ දිස්ත්‍රික්කය- අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, ගම්පහ, මහර, මිනුවන්ගොඩ සහ මීරිගම
ගාල්ල දිස්ත්‍රික්කය - නෙළුව.
අම්පාර දිස්ත්‍රික්කය - දෙහිඅත්තකණ්ඩිය1, දෙහිඅත්තකණ්ඩිය 2 සහ ලාහුගල.
අනුරාධපුර දිස්ත්‍රික්කය - අනුරාධපුර නව නගරය, ගලෙන්බිඳුණුවැව, ගල්නෑව, හොරොවුපොතාන, ඉපලෝගම, කහටගස්දිගිලිය, කැබිටිගොල්ලෑව, කැකිරාව, මැදවච්චිය, මිහින්තලේ, නොච්චියාගම, නුවරගම් පලාත නැගෙනහිර සහ තලාව ඇතුළු ප්‍රදේශ
බදුල්ල දිස්ත්‍රික්කය: මහියංගනය.
මඩකලපුව දිස්ත්‍රික්කය: එරාවුර් පත්තුව, කෝරලේපත්තු උතුර සහ කෝරලේපත්තු.
හම්බන්තොට දිස්ත්‍රික්කය - සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස. කළුතර දිස්ත්‍රික්කය: අගලවත්ත, බුලත්සිංහල සහ හොරණ.
මහනුවර දිස්ත්‍රික්කය - අකුරණ, හාරිස්පත්තුව, මහනුවර, කුණ්ඩසාලේ, මැද දුම්බර, මිනිපේ, පන්විල, පාත දුම්බර, පූජාපිටිය, තුම්පනේ සහ උඩ දුම්බර.
කෑගල්ල දිස්ත්‍රික්කය -දෙහිඕවිට, දැරණියගල, රඹුක්කන, රුවන්වැල්ල සහ වරකාපොළ.
කුරුණෑගල දිස්ත්‍රික්කය- ගල්ගමුව, ගනේවත්ත, ගිරිබාව, ඉබ්බාගමුව, කටුපොත, කොබෙයිගනේ, කොටවෙහෙර, කුලියාපිටිය නැගෙනහිර, කුරුණෑගල, මහව, මල්ලවපිටිය, මාස්පොත, මාවතගම, නිකවැරටිය, පඬුවස්නුවර, පොල්ගහවෙල සහ පොල්පිටිගම ඇතුළු ප්‍රදේශ.
මාතලේ දිස්ත්‍රික්කය - සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස. පුත්තලම දිස්ත්‍රික්කය: පුත්තලම, ආණමඩුව සහ නවගත්තේගම.
රත්නපුර දිස්ත්‍රික්කය - අයගම, බලංගොඩ, ඇහැලියගොඩ, ඇලපාත, ඇඹිලිපිටිය, ගොඩකවෙල, කහවත්ත, කලවාන, කුරුවිට, නිවිතිගල, ඕපනායක, පැල්මඩුල්ල, රත්නපුර සහ වැලිගෙපොල ඇතුළු ප්‍රදේශ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
වවුනියාව දිස්ත්‍රික්කය - නෙඩුන්කේනි, වවුනියාව දකුණ (සිංහල) සහ වවුනියාව දකුණ (දෙමළ).
මේ අතර, අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
බෙංගාල බොක්ක කැළඹෙයි - තවත් ප්‍රබල සුළි කුණාටුවක් - අද මධ්‍යම රාත්‍රිය සහ හෙට පාන්දර වෙනකල් වෙන්න යන දේ
