රටම අවදානමේ ඉදිරි පැය 12 ඇතුළත සුළි කුණාටුවක්

Report

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (27) ප.ව. 2ට නිකුත් කළ අවවාදාත්මක දැනුම්දීමේදී, පීඩන අවපාතය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් බවට පත්විය හැකි බව සඳහන් කළේය.

මෙම අවපාතය මඩකලපුව සිට ගිනිකොණ දෙසින් පැ.කි.මි. 120ක් දුරින්, අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ කේන්ද්‍රගතව තිබේ.

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බවද නිවේදනයේ සඳහන් වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන සුළං පැ.කි.මී. 60–70 අතර, විටින් විට පැ.කි.මී. 80 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක් - මේ ප්‍රදේශවලට රතු නිවේදන

ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක් - මේ ප්‍රදේශවලට රතු නිවේදන

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් තද වැසි සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.