කුෂන් වෙළෙදසැලක් අද අලුයම ගිනි ගනී!
By Dilasha
තල්ගොඩපිටිය ප්‍රදේශයේ කුෂන් වෙළෙදසැලක් තුළ අද (27) අලුයම ගින්නක් හට ගෙන ඇති බව ගොකරැල්ල පොලිසිය සඳහන් කරයි.
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
ගින්නෙන් වයස අවුරුදු 36ක් වන වෙළෙදසැල් මුරකරු සුළු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර ගින්නෙන් දේපළ හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. වැඩිදුර විමර්ශන ගොකරැල්ල පොලිසිය විසින් සිදු කරනු ලබයි.
Trending News Now