උණුසුම මැද ට්‍රම්ප් තැබූ සටහන නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ආයෙත් අහස උසට - නව මිල ගණන් මෙන්න
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවත වරක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව යුද්ධය අවසන් කිරීමේ අමෙරිකාවේ යෝජනාවට ඉරානය දැක්වූ ප්‍රතිචාරයට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකග නොවීම හේතුවෙන් මෙසේ නැවත වරක් බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එබැවින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 104.1ක් වශයෙන් සටහන්ව ඇත.
එසේම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 98.51ක් වශයෙන් සටහන්ව තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ(10) සවස ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය සටහනක් පළ කිරීමෙන් අනතුරුව මෙම වැඩිවීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඔහු යෝජනාවට ඉරානයේ ප්‍රතිචාරය "සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි" බව විස්තර කර ඇති බව සඳහන්.
එමෙන්ම ඉරානයේ ප්‍රතිචාරය පිළිබඳ විස්තර ජනාධිපතිවරයා අනාවරණය නොකළ ද ඉක්මනින් එකඟතාවයකට නොපැමිණියේ නම්, ඊළඟ පියවර වනු ඇත්තේ අලුත් මිලිටරි උත්සන්න වීමක් බවට ඔහු නැවත නැවතත් අනතුරු අඟවා ඇති බව සඳහන්.