චිත්‍රපටිවල වගේම මහ ඇමති විජේ පළමු අත්සනින්ම වීරයෙක් වෙයි - තමිල්නාඩුවම සතුටු කඳුළු හෙලද්දි විදුලිය නොමිලේ දෙන්න නියෝගයක්
තමිල්නාඩුවේ දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කරමින් නව මහ ඇමති වශයෙන් දිවුරුම් දුන් 'තමිලග වෙට්ට්‍රි කළගම්' (TVK) පක්ෂයේ නායක විජේ, සිය පාලනයේ පළමු නියෝගය වශයෙන් ප්‍රාන්ත වැසියන්ට විදුලි ඒකක 200ක් නොමිලේ ලබා දීමට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් මාස දෙකකට වරක් නොමිලේ විදුලි ඒකක 200ක් ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම සහනය හිමිවන්නේ මාස දෙකක් ඇතුළත සමස්ත විදුලි පරිභෝජනය ඒකක 500ක් හෝ ඊට අඩු මට්ටමක පවතින පවුල් සඳහා පමණක් බව වාර්තා වේ.
එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රාන්තය පුරා ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමටද නියෝග කර ඇති බවයි.
ස්ටාලින් තමිල්නාඩුව කෝටි ලක්ෂ 10ක ණය උගුලක හිර කරලා භාණ්ඩාගාරය හිස් - මහ ඇමති විජේගෙන් බරපතළ චෝදනාවක්
තවද කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ බලකායක් සහ හදිසි උපකාරක සේවාවක් ස්ථාපිත කිරීමටද මෙහිදී අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව සඳහන්.
සිය ප්‍රථම මහජන ඇමතීමේදී හැඟුම්බර වූ නව මහ ඇමතිවරයා, තමා සිනමා සහායක අධ්යක්ෂවරයෙකුගේ පුතෙකු වශයෙන් කුසගින්න සහ දුප්පත්කම අත්විඳ ඇති අයෙකු බව සිහිපත් කර ඇත.
ඒ අනුව සැබෑ ලෞකික සමාජ සාධාරණත්වයක් සහිත නව යුගයක් අදින් ඇරඹෙන බවත්, ජනතා මුදල් අවභාවිත කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
විජේගේ මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබපැතුම් එක් කරමින් සඳහන් කර ඇත්තේ තමිල්නාඩුවේ සංවර්ධනය වෙනුවෙන් මධ්‍යම රජය සහය දෙන බවටයි.