ට්‍රම්ප්ගේ තීරණයෙන් පසු බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක්

Report

ආසියානු වෙළෙඳපොළේ අද (27) පෙරවරුව වන විට බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

 ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වී  ඇත  තවද අමෙරිකානු බොරතෙල් (WTI) මිලද 1.1%කින් පහළ ගොස් ඩොලර් 93.41ක් ලෙස වාර්තා වේ.

මෙම මිල පහළ යෑම සිදුව ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමකට දී තිබූ තාවකාලික විරාමය දින 5 සිට සති 2 දක්වා දීර්ඝ කිරීමෙන් අනතුරුවය.

උඩුදුවන යුද්ධේ නිසා බොර තෙල් මිල තාමත් ඉහළ මට්ටමක

උඩුදුවන යුද්ධේ නිසා බොර තෙල් මිල තාමත් ඉහළ මට්ටමක

එසේම, මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් 111.81ක් ලෙස සටහන් ව ඇති බව වාර්තා වේ.

තෙල් නැව් 10ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දුන් බව ට්‍රම්ප් කියයි

තෙල් නැව් 10ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දුන් බව ට්‍රම්ප් කියයි