අමෙරිකා මැතිවරණ පරාජයෙන් පසු ලෝක බොරතෙල් මිල එකපාරටම කඩාවැටෙයි - WTI සහ Brent මිල 9%කින් පහළට

Report

මෙම සතියේ පැවති එක්සත් ජනපද කොංග්‍රස් මැතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමත් සමඟ, ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුදමය ක්‍රියාමාර්ග තවදුරටත් උත්සන්න වීමේ අවදානම අඩු විය හැකි බවට වෙළඳපොළ තුළ අපේක්ෂා පළ වී තිබේ.

මෙම තත්ත්වය හමුවේ බ්‍රහස්පතින්දා දිනයේදී අඛණ්ඩව සිව්වන දිනටත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ.

GMT වේලාවෙන් පෙරවරු 04:26 වන විට බ්‍රෙන්ට් (Brent) බොරතෙල් අනාගත ගිවිසුම් මිල සෙන්ට් 80කින් හෙවත් 0.85%කින් පහත වැටී බැරලයක් ඩොලර් 93.82ක් ලෙස සටහන් විය.

එමෙන්ම, එක්සත් ජනපද වෙළඳපොළේ ප්‍රධාන බොරතෙල් මිල දර්ශකය වන වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) මිල ඩොලර් 1.20කින් හෙවත් 1.36%කින් පහත වැටී බැරලයක් ඩොලර් 86.92ක් දක්වා අඩු වී තිබේ

. මීට පෙර පැවති ගනුදෙනු වාරයේදී මෙම බොරතෙල් මිල දර්ශක දෙකම 8%කට වැඩි ප්‍රමාණයකින් පහත වැටුණු අතර, එය අගෝස්තු 31 වැනිදායින් පසු වාර්තා වූ අවම මිල මට්ටම ලෙස සැලකේ.

ට්‍රම්ප්ගේ යුදමය ක්‍රියාමාර්ග සීමා කිරීමට හැකියාව ඇති ඩිමොක්‍රටික් පක්ෂයේ බලපෑම සහිත කොංග්‍රසයකට මුහුණදීමට සිදුවීමත් සමඟ ඔහුගේ දේශපාලන බලය යම් පසුබෑමකට ලක්විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙවැනි පසුබිමකදී ඉරානය සමඟ එකඟතාවකට පැමිණීම සඳහා ට්‍රම්ප් වැඩි උනන්දුවක් දැක්විය හැකි බව ගල්ෆ් කලාපීය රජයන්ට සමීප ආරංචි මාර්ග දෙකක් බදාදා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, ඉරානයට එරෙහිව පූර්ණ පරිමාණයේ ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානම අඩු වී ඇති බව ඔවුන්ගේ අදහසයි.

විදුලි ගාස්තු සංශෝධනයේ ලොකු වෙනසක්ද? - ඔක්තෝබර්-දෙසැම්බර් විදුලි ගාස්තු ගැන අලුත්ම තීරණය

විදුලි ගාස්තු සංශෝධනයේ ලොකු වෙනසක්ද? - ඔක්තෝබර්-දෙසැම්බර් විදුලි ගාස්තු ගැන අලුත්ම තීරණය

ගැටුම අවසන් කර ගැනීමට හැකි වුවහොත් යුද්ධය හේතුවෙන් බාධා එල්ල වූ මැද පෙරදිග තෙල් සැපයුම් නැවත යථා තත්ත්වයට පත්වීමේ හැකියාව පවතින බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, ඉදිරි තත්ත්වය සම්බන්ධයෙන් තවමත් අවිනිශ්චිතතාවක් පවතී. ස්පාටා කොමොඩිටීස් (Sparta Commodities) ආයතනයේ ජ්‍යෙෂ්ඨ තෙල් විශ්ලේෂක ජූන් ගෝ සඳහන් කළේ, ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහි මධ්‍ය කාලීන මැතිවරණයේ බලපෑම වෙළඳපොළ විසින් මේ වන විට තක්සේරු කරමින් සිටින බවයි.

යුද්ධය අවසන් වීමේ හැකියාව වැඩි වී ඇතැයි යන මතය වෙළඳපොළ තුළ වර්ධනය වෙමින් පවතින බවද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවමත් පැහැදිලි මාර්ගයක් නොමැති වීමත්, ගෝලීය උපායමාර්ගික තෙල් සංචිත පහළ මට්ටමක පැවතීමත් හේතුවෙන් ඉදිරියේදී තෙල් මිලෙහි සැලකිය යුතු උච්චාවචනයන් සිදුවිය හැකි බවද ඇය අනතුරු ඇඟවූවාය.

මේ අතර, ගල්ෆ් කලාපයේ තෙල් සැපයුම් සඳහා අතිශය වැදගත් මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බොරතෙල් ප්‍රවාහනය ද යුද ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්ව තිබේ

බ්‍රහස්පතින්දා නිකුත් කළ සටහනකදී සිටි (Citi) ආයතනය පෙන්වා දී ඇත්තේ, මධ්‍ය කාලීන මැතිවරණයෙන් පසුව ධවල මන්දිරයේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධ විධායක බලතල පිළිබඳ වැඩි අවධානයක් යොමුවිය හැකි බවයි. එමඟින් ඉරානය සමඟ පවතින ගැටුම තවදුරටත් උත්සන්න වීමේ හැකියාව ද පවතින බව එම ආයතනය සඳහන් කර තිබේ.

යුරේසියා සමූහය (Eurasia Group) ද ඉරානයට එරෙහිව එක්සත් ජනපද ප්‍රහාර නැවත ආරම්භ වීමේ හැකියාව පිළිබඳ සිය ඇස්තමේන්තුව 65% සිට 60% දක්වා පහත දමා තිබේ.

එමෙන්ම, දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇතිවීමේ හැකියාව 20% සිට 10% දක්වා අඩු කර ඇති අතර, ගැටුම තවදුරටත් අඛණ්ඩව පැවතීමේ හැකියාව 15% සිට 30% දක්වා ඉහළ නංවා තිබේ. ඉරානය සිය ඉල්ලීම් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටීමත්, ට්‍රම්ප් පරාජයක් ලෙස සැලකිය හැකි කොන්දේසි පිළිගැනීමට ඇති සීමිත ඉඩකඩත් මෙම තක්සේරුවට හේතු වී ඇති බව යුරේසියා සමූහය පෙන්වා දෙයි.

මෑත දිනවල බොරතෙල් මිල පහත වැටුණද, ගැටුම තවදුරටත් උත්සන්න වුවහොත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110ත් 125ත් අතර පරාසයක් දක්වා ඉහළ යා හැකි බවද එම ආයතනය අනතුරු අඟවා තිබේ.

මේ අතර, ප්‍රධාන තෙල් පරිභෝජන රටවල වාණිජ තෙල් තොග වසර 15කට ආසන්න කාලයකදී වාර්තා වූ අවම මට්ටමට ළඟා වී ඇති බව බලශක්ති උපදේශන ආයතනයක් වන XAanalysts හි ප්‍රධාන විධායක නිලධාරී මුකේෂ් සහ්දේව් සඳහන් කර තිබේ.

එමෙන්ම, එක්සත් ජනපද මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඉරානය වඩාත් දැඩි ස්ථාවරයකට එළඹීමේ හැකියාව ද පවතින බව ඔහු පෙන්වා දී ඇත.

තවද, එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය (EIA) බදාදා නිකුත් කළ වාර්තාවකට අනුව, ඉල්ලුම වසරක් තුළ වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා වීමත් සමඟ පසුගිය සතියේ එක්සත් ජනපදයේ බොරතෙල්, පෙට්‍රල් සහ ආසවනය කළ ඉන්ධන තොග සියල්ලම පහත වැටී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වෙයි - වියරුවෙන් වීටෝ බලය භාවිතා කරන බව පවසයි - ලෝකයම මඟ බලපු දිනය අදයි

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වෙයි - වියරුවෙන් වීටෝ බලය භාවිතා කරන බව පවසයි - ලෝකයම මඟ බලපු දිනය අදයි