ආයේ එළවළු කාලත් ඉවරයි - එළවළු මිල ගිනි ගණන් නගී - ලාංකිකයන් අසරණ වෙයි

Report

ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු සැපයුම අඩුවීම හේතුවෙන් එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, එම නිසා එළවළු අලෙවිය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති.

තොග මිල ගණන් ඉහළ යාම නිසා සිල්ලර වෙළඳපොළේ ද එළවළු මිල ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින් සෝයා මස් සහ පරිප්පු වැනි විකල්ප ආහාර ද්‍රව්‍ය වෙත යොමු වී සිටිති.

ලාෆ්ස් ගෑස් සම්බන්ධයෙන් නරක ආරංචියක් - එනවයි කිව්ව ගෑස් නැවට මොකද වුණේ? ජනතාවට ආරංචියක්

ලාෆ්ස් ගෑස් සම්බන්ධයෙන් නරක ආරංචියක් - එනවයි කිව්ව ගෑස් නැවට මොකද වුණේ? ජනතාවට ආරංචියක්

ගොවීන් මේ වන විට බීජ පාත්ති සකස් කිරීම ඇතුළු වගා කටයුතුවල මූලික අදියරේ නිරතව සිටීම මෙම සැපයුම් හිඟයට හේතු වී තිබේ. තවද, තොග මිල ගණන් ඉහළ යාම හේතුවෙන් දුර බැහැර පළාත්වල පිහිටි කුඩා පරිමාණයේ වෙළඳසැල් බොහෝමයක් එළවළු අලෙවි කිරීම නවතා දමා ඇති බව ද වෙළෙන්දෝ සඳහන් කරති.

මේ තත්ත්වය මත, ඊයේ (4) දිනයේදී ද එම ප්‍රදේශවලින් ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී තිබිණි.

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

මේ අතර, වියළි මිරිස් මිල ද ඉහළ ගොස් ඇති අතර, කිලෝග්‍රෑමයක් රුපියල් 900 - 1,000ත් අතර පැවති මිල රුපියල් 1,270 - 1,300ත් දක්වා ඉහළ ගොස් ඇත.

අනෙකුත් එළවළු වර්ගය කිලෝවක තොග මිල

රු. බෝංචි 500-620

මාළු මිරිස් 650

ගෝවා 480-550

කැරට් 420-450

ලීක්ස් 280-350

කරවිල 500-520

බටු 350-370

මෑ කරල් 350-420

කැරට් 380-400

තක්කාලි 500-550

දෙහි 1200

මඤ්ඤොක්කා 200

පිපිඤ්ඤා 160-180

කෙසෙල් මුව 150 (කෙසෙල් මුවක තොග මිල)

සලාද කොළ කිලෝවක තොග මිල රුපියල් 1,000ත් 1,100ත් අතර වේ.

ඔබේ බැංකු ගිණුම අනතුරේ - OTP, PIN අංක හෝ බැංකු මුරපද ඉල්ලයි - බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටියි

ඔබේ බැංකු ගිණුම අනතුරේ - OTP, PIN අංක හෝ බැංකු මුරපද ඉල්ලයි - බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටියි

Gallery