ලංකාවටම අසුබ පුවතක් - කොළඹ ජීවිත් වෙන්න බැරි තත්ත්වයක් - මාසේට අවම රු. 19,136ක්වත් අවශ්‍යයි
එක් පුද්ගලයෙකුගේ මාසික අවම වියදම රුපියල් 17,742 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සැප්තැම්බර් මාසයට අදාළ නිල ජාතික දරිද්‍රතා රේඛාවේ දැක්වෙන බව වාර්තා වේ.
ඒ අනුව දරිද්‍රතා රේඛාව යනු මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය වන අවම වියදමයි.
එමෙන්ම සැප්තැම්බර් මාසයේදී ඉහළම දරිද්‍රතා රේඛාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
ඒ අනුව එක් පුද්ගලයෙකුගේ මාසික අවම වියදම රුපියල් 19,136ක්.
තවද ගම්පහ දිස්ත්‍රික්කයේ මාසික අවම වියදම 19,037ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ රුපියල් 18,624ක් වශයෙන් වාර්තා වී ඇත.
එමෙන්ම අඩුම දරිද්‍රතා රේඛාව මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එය රුපියල් 16,965ක් ලෙස සඳහන්.