කාලයක් බලා සිටි ගොවීන්ට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් හා හිඟ මුදල් ගෙවීමට පියවර

Report

වයස අවුරුදු 60 සම්පූර්ණ කළ ගොවීන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු කඩිනම් කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව, ගොවීන් 170,950 දෙනෙකු සඳහා තැපැල් කාර්යාල 3,975ක් ඔස්සේ මාසිකව රුපියල් මිලියන 415කට අධික මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙවීමට කටයුතු යොදා ඇත.

නව රජය බලයට පත්වීමෙන් පසු ලබාදුන් උපදෙස් අනුව, 2024 වසරට පෙර සිට ගොඩගැසී තිබූ විශාල විශ්‍රාම වැටුප් අයදුම්පත් ප්‍රමාණයක කටයුතු අවසන් කර ඇති බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව, අඩුපාඩු රහිතව ඉදිරිපත් කර ඇති අයදුම්පත් සඳහා මාසයක් ඇතුළත විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

ලාෆ්ස් ගෑස් සම්බන්ධයෙන් නරක ආරංචියක් - එනවයි කිව්ව ගෑස් නැවට මොකද වුණේ? ජනතාවට ආරංචියක්

ලාෆ්ස් ගෑස් සම්බන්ධයෙන් නරක ආරංචියක් - එනවයි කිව්ව ගෑස් නැවට මොකද වුණේ? ජනතාවට ආරංචියක්

මේ අතර, නිසි පරිදි වාරික ගෙවා නොමැති නමුත් සියයට 25කට වැඩි වාරික ප්‍රමාණයක් ගෙවා ඇති දායකයන්ගේ ශුද්ධ වාරික සකස් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත.

තවද, 2014 ජනවාරි 01 වැනිදා සිට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ ගොවීන්ට තාවකාලිකව අත්හිටුවා තිබූ හිඟ විශ්‍රාම වැටුප් ගෙවීමේ වැඩපිළිවෙළ ද යළි ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.

මහා භාණ්ඩාගාරය මගින් වෙන්කරනු ලබන ප්‍රතිපාදනවලට අනුව එම හිඟ විශ්‍රාම වැටුප් වාරික ගෙවීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

ලංකාවේ දරුණු රෝගයක් හිස ඔසවයි - දුම්පානය ඇතුළු මේ දේවල් කරන අයට වැඩි අවදානමක්

ලංකාවේ දරුණු රෝගයක් හිස ඔසවයි - දුම්පානය ඇතුළු මේ දේවල් කරන අයට වැඩි අවදානමක්