ඇමරිකාවේ ''නිල් සුනාමියක්'' - ඇමරිකානු දේශපාලන පෙරළිය ශ්‍රී ලංකාවටත් බලපෑම් කළ හැකිද? - මහාචාර්ය චාමින්ද [VIDEO]

By Malith Madushan Nov 05, 2026 05:45 AM GMT
Report

ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයේදී සෙනෙට් මණ්ඩලය තුළ සිදුවූ දේශපාලන පෙරළිය ඉදිරි කාලයේදී එරට විදේශ ප්‍රතිපත්තියට මෙන්ම ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන් කෙරෙහි ද බලපෑම් ඇති කළ හැකි බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ ආචාර්ය මහාචාර්ය චාමින්ද අබේසිංහ මහතා පවසයි.

එම තත්ත්වය ඇතැම් විචාරකයන් විසින් ''නිල් සුනාමියක්'' ලෙස හඳුන්වන බව පෙන්වා දෙන ඔහු, එය ''ට්‍රම්ප් යුගයේ අවසානය'' (The End of Trump Era) ලෙස ද ඇතැමුන් දකින බව සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ නව රජය බලයට පත්වීමෙන් පසු ඇමරිකාව සමඟ පවත්වාගෙන යන විදේශ ප්‍රතිපත්තිය යම් ආකාරයක සුහදශීලී මට්ටමක පවතින අවස්ථාවක මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

එමෙන්ම කුඩා රාජ්‍යයන් කෙරෙහි මෙන්ම ජාත්‍යන්තර ආර්ථිකය සහ ලිහිල් ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කිරීමේ උත්සාහයක් ඩිමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් සභිකයන් විසින් ඉදිරියට ගෙන එනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

එය සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පවතින ගැළපීම සහ නොගැළපීම පිළිබඳ ක්‍රියාවලිය ඉදිරි වසර දෙක තුළදී දැකගත හැකි වනු ඇති බව මහාචාර්ය චාමින්ද අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්‍රවේශම් වන්න මම තවමත් ඔබේ ජනාධිපතිවරයා - පරාජයෙන් වියරු වූ ට්‍රම්ප්ගෙන් සියල්ලටම අනතුරක්

ප්‍රවේශම් වන්න මම තවමත් ඔබේ ජනාධිපතිවරයා - පරාජයෙන් වියරු වූ ට්‍රම්ප්ගෙන් සියල්ලටම අනතුරක්

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වෙයි - වියරුවෙන් වීටෝ බලය භාවිතා කරන බව පවසයි - ලෝකයම මඟ බලපු දිනය අදයි

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වෙයි - වියරුවෙන් වීටෝ බලය භාවිතා කරන බව පවසයි - ලෝකයම මඟ බලපු දිනය අදයි