මෙට්‍රෝ බස් සේවාවෙන් දැවැන්ත පිම්මක් - 2027 වෙනකොට තවත් බස් 50ක් පාරට
2027 වසරේදී 'මෙට්‍රෝ බස්' (Metro Bus) සේවාවට අමතර බස් රථ 50ක් එක් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම, බස්නාහිර පළාතෙන් ඔබ්බට මෙම සේවාව ව්‍යාප්ත කරමින් මහනුවර, යාපනය සහ ගාල්ල යන නගර දක්වා එය පුළුල් කිරීමට ද සැලසුම් සකස් කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මුලින් බස් රථ 10ක් යොදා ගනිමින් මාර්ග දෙකක් ඔස්සේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ 'මෙට්‍රෝ බස්' සේවාව මේ වන විට සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව, වර්තමානයේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි මාර්ග හතක් ඔස්සේ බස් රථ 122ක් මෙම සේවාව යටතේ ක්‍රියාත්මක වේ.
මේ අතර, 'LMT Go' ජංගම දුරකථන යෙදුම වැඩිදියුණු කිරීම සහ මගීන්ට ලබාදෙන සමස්ත සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.
නොවැම්බර් 4 වැනිදා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.