අද පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි - 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව අද විවාදයට [LIVE]

Report

අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභා කටයුතු ආරම්භ කෙරිණි.

අද දිනයේදී 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත.

  ඒ අනුව, ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජය සතු වෙනත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් රුපියල් මිලියන 4,261ක් (රු. 4,261,000,000) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

වෙනස්වන මෙහෙයුම් පරිසරය මෙන්ම බෙංගාල බොක්ක සහ ඒ අවට ප්‍රදේශවල නිරන්තරයෙන් ඇතිවන අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුවිය හැකි ආසන්න තර්ජන සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන් යානා පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම මුදල් යෙදවීමට නියමිතව ඇත.

ඒවගේම මීට පෙර තීරණය කර තිබූ පරිදි භාර (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම පිළිබඳ විවාදය ද අද දිනයේ පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු සභාවාරයේ සජීවී විකාශය පහතින් නරඹන්න.

TIN එක ගන්න හැමෝම IRD එකට එන්න ඕන නෑ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි ඉල්ලීමක්

TIN එක ගන්න හැමෝම IRD එකට එන්න ඕන නෑ - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි ඉල්ලීමක්