ලාෆ්ස් ගෑස් සම්බන්ධයෙන් නරක ආරංචියක් - එනවයි කිව්ව ගෑස් නැවට මොකද වුණේ? ජනතාවට ආරංචියක්
වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ දේශීය වෙළෙඳපොළට අඛණ්ඩව ගෑස් සපයන බවට LAUGFS සමාගම රජය වෙත ලිඛිතව එකඟතාවන් පළ කළද, ඔවුන් මෙතෙක් ලබාදුන් කිසිදු පොරොන්දුවක් නිසි පරිදි ඉටු කර නොමැති බැවින් ලබන නොවැම්බර් 14 වැනිදා පැමිණෙන බව කියන ගෑස් නෞකාව පිළිබඳව ද ස්ථිර විශ්වාසයක් තැබිය නොහැකි බවයි.
ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්
ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතාගේ පුත්‍රයා වන එහි කළමනාකාර අධ්යක්ෂවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දිවයිනට ගෑස් ගෙන්වන නිශ්චිත කාලසටහනක් මීට පෙර භාරදී තිබූ බව රුපවාහිනී දේශපාලන සාකච්ඡා වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේය.
වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ එම ලිඛිත පොරොන්දුවට අනුව, ඔක්තෝබර් මස 24 සහ 28 අතර කාලයේදී මෙට්‍රික් ටොන් 3,800ක්, නොවැම්බර් මුල් සතියේදී තවත් මෙට්‍රික් ටොන් 3,800ක්, නොවැම්බර් මාසය තුළ තවත් මෙට්‍රික් ටොන් 22,000ක් සහ දෙසැම්බර් මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 22,000ක් ආදී වශයෙන් අඛණ්ඩව ගෑස් තොග මෙරටට ගෙන්වන බවට සඳහන් කර තිබූ බවයි.
ඔබේ බැංකු ගිණුම අනතුරේ - OTP, PIN අංක හෝ බැංකු මුරපද ඉල්ලයි - බැංකු නිලධාරීන් හෝ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටියි
කෙසේ වෙතත්, එම කාලසටහන මුළුමනින්ම බිඳවැටී ඇති ආකාරය පැහැදිලි කළ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“ඔක්තෝබර් 28 වෙනිදා එනවා කියපු නැව ආවේ නෑ. ඒ ගැන ඇහුවාම කිව්වා නොවැම්බර් 03 වෙනිදා එනවා කියලා. 03 වෙනිදා එකත් ආවේ නෑ. දැන් ඒ අය කියනවා නොවැම්බර් 14 වෙනිදා තමයි නැව එන්නේ කියලා. ඒ නිසා මේ පවතින තත්ත්වය අනුව 14 වෙනිදා එනවා කියන නැවත් නැතිවෙන්න පුළුවන්. ඒකත් ෂුවර් නෑ.”
සමාගම විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටියද, ක්ෂේත්රයේ සැබෑ තත්ත්වය වන්නේ සමාගම ලබාදෙන නිල පොරොන්දු දිනයන් දිගින් දිගටම කඩවීම බවත්, මේ හේතුවෙන් සාමාන්‍ය පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.