තෙල් ගන්න එක සීමා වෙයි ද?. වෙළඳපොලෙහි සිදුවුණ දෙය මෙන්න..
ආසියානු කලාපය මැදපෙරදිග ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව විදෙස් වෙළඳපොළ වාර්තා කළේ ය.
බ්‍රසීල සහ ඇමරිකානු බොරතෙල් ආනයනය සඳහා ක්‍රමයෙන් හුරුවන ආසියාවේ තවමත් ඉහළම ඉන්ධන සැපයුම්කරුවා සෞදි අරාබිය වේ.
නමුත් පසුගිය මාසයේ සෞදි අරාබියෙන් ආසියාවට බොරතෙල් ආනයනය බැරල් මිලියන 4.8 දක්වා පහත වැටීණ.
කෙසේ වෙතත්, සෞදි අරාබිය වරින් වර බොරතෙල් මිල ඉහළ දැමීමේ ප්‍රවණතාව මීට හේතු වී ඇති බව සඳහන් වේ.