ලංකා බැංකුව සියල්ලන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTO)
By krishani
ලංකා බැංකුව විසින් ජනතාවට වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ සයිබර් අවකාශය තුළ සිදුවන වංචනික ක්‍රියාවන් හේතුවෙන් එදිනෙදා භාවිතා කරන වෙබ් අඩවි, Whatsapp, Imo, Viber හරහා ද ඊමේල් සහ කෙටි පණිවිඩ හරහා ද ඔබව පොළඹවන ආකාරයේ එවනු ලබන Links වලින් ඔබගේ බැංකු ගිණුම් හා කාඩ්පත් තොරතුරු, මුරපද ඉල්ලමින් ඔබගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරිම සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන මෙන් ය.
ඒ හරහා ඔබේ බැංකු ගිණුම් හා කාඩ්පත් වෙත මාර්ගගතව ප්‍රවේශ වී මුදල් සොරකම් කළ හැකිය.
එබැවින් ඔබගේ Devices වලට එන ඔබ නොදන්නා Links Click කිරීමෙන් වළකින මෙන් ලංකා බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, ඔබගේ පුද්ගලික සුරක්ෂිතතාවයට මුල් තැන ලබා දෙන මෙන් වැඩිදුරටත් එම බැංකුව ජනතාවට දැනුම් දෙනු ලබයි.
