ඥානසාර හිමියන්ට අපරාධ කල්ලියකින් ජීවිත තර්ජනයක් - ආරක්ෂාව ඉල්ලයි

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාජිකයන් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින හෙයින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු ආරක්ෂාවට දෙන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති.

බුද්ධි අංශ නිලධාරීන්ද තම විහාරස්ථානයට පැමිණ එම තර්ජනය පිළිබඳව දැනුම් දුන් බවද උන්වහන්සේ ලිපියේ සඳහන් කර ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැන නැග ඇති ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව තමන් වහන්සේ කළ විවිධ හෙළිදරව් කිරීම් හේතුවෙන් බොහෝ අන්තවාදී ක්‍රියාකාරකම් නතර කරගැනීමට හැකි වූ බව කියන ඥානසාර හිමියෝ මේ තත්ත්වය යටතේ තමන් වහන්සේ ආරක්ෂාව පැත්තෙන් අවදානමට ලක්ව ඇති බවද පෙන්වා දෙති.

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ

සුදුසු ආරක්ෂාවක් රජයෙන් ඉල්ලා සිටියද තවමත් එය ලැබී නොමැති බවද උන්වහන්සේ සඳහන් කරති.

ඒ වගේම පසුගියදා පොලිස්පතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි අතර එහිදී කතානායක ඇතුළු පිරිසක් සමග සාකච්ඡා කොට ආරක්ෂාව ඉල්ලන සියලු පිරිසට ආරක්‍ෂාව දීමට කටයුතු කරන බව සහ අවධානය යොමු කරන බවට ප්‍රකාශ කළේය.

ඉස්සරහට ගිනි පෙට්ටි වෙළඳපළේ නැහැ - මෙන්න හේතුව

ඉස්සරහට ගිනි පෙට්ටි වෙළඳපළේ නැහැ - මෙන්න හේතුව