අනියම් පෙම කළ හරියක්.. ජීවිත දෙකක් බිලිගෙන.. තවත් කතකට බරපතළයි..
පුද්ගලයෙක් විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ ඊයේ (18) උදෑසන කාලයේ දී මොරවැව පොලිස් වසමේ වන්නකුලම් ප්‍රදේශයෙන් ය.
එමෙන්ම, සැකකරු තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදුකර සැකකරු ඔහුගේ නිවසට ගොස් ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් තිබුණේ වන්නන්කුලම්, ලබුනෝරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මරණකාරිය හා සැකකරු අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
කෙසේ වෙතත්, තුවාලකාරිය අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.