එක්සත් ජාතික පක්ෂය හිටිහැටියේම රැස් වෙලා.. ගත් තීරණය මෙන්න..

Report

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අද (16) පෙරවරුවේ දී ය.

2024 පාර්ලිමේන්තු මැතිවරණය - තේරී පත් වුණ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට්ටුව එළියට..(PHOTOS)

2024 පාර්ලිමේන්තු මැතිවරණය - තේරී පත් වුණ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට්ටුව එළියට..(PHOTOS)

ඒ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

එයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වී ඇති බව සදහන් වේ.

මෙහිදී ඉදිරි මැතිවරණ වල දී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග වැදීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

ගියපාර එක්ක බලනකොට.. සජබේ නායක සජිත්ගෙ ඡන්ද ප්‍රමාණයට වුණ දෙය මෙන්න..

ගියපාර එක්ක බලනකොට.. සජබේ නායක සජිත්ගෙ ඡන්ද ප්‍රමාණයට වුණ දෙය මෙන්න..

මේ අතර, එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ මීලඟ සියලු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට සාකච්ඡා කළ බවයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරත්වය සහ පක්ෂයේ ගමන්මග ශක්තිමත් කිරීම සඳහා මෙම තීරණය ගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.