එකටම කාලා බීලා.. යාලුවට කරපු කැත වැඩේ.. මෙහෙම යාලුවො අම්මපා..
ඊයේ (31) රාත්‍රියේ දී කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු ව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ එක්දරු පියෙක් වේ.
එලෙස ඝාතනයට ලක් වූ තැනැත්තාට එරෙහිව කුලියාපිටිය අධිකරණයේ මිනීමැරුම් ඇතුළු නඩු කිහිපයක් විභාග වෙමින් තිබූ බව සඳහන් වේ.
එම ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට පෙර එම නිවසේ පැවති මත්පැන් සාදයකදී ඇති වූ බහින්බස් වීමක් මෙම ඝාතනය ට හේතු වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධව එම නිවසේ පදිංචි අයෙකු සහ තවත් ආයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.