කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි..!

COVID-19 COVID-19 Vaccine Sri Lanka
By Sewvandhi May 05, 2023 02:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනය කළේ, කොරෝනා වැළදීමෙන් තවත් මරණ දෙකක් ගම්පහ දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කිනිගම ප්‍රදේශයේ වයස අවුරුදු 80 ක කාන්තාවක් සහ එඬේරමුල්ල අක්බාර්ටවුන් ප්‍රදේශයේ වයස අවුරුදු 81 පිරිමි තැනැත්තෙකු බවයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක සඳහන් කළේ.

මෙම මරණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ ප්‍රකාශ කළේ කිනිගම ප්‍රදේශයේ වයස්ගත කාන්තාව කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන නොමැති බවයි.

මේ වෙසක් මාසය තුළ කොරෝනා ව්‍යාප්තිය වර්ධනය විය හැකි බැවින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha