දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

By Shehan Dec 12, 2025 08:01 AM GMT
Report

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මීට පෙර දුම්රිය රියදුරු, තනතුර ඇතුළු ඇතැම් තනතුරු සඳහා පමණක් කාන්තාවන්ට බඳවා ගැනීම සීමා කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගයකද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී තිබූණි.

එම පෙත්සමේදී නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන්නේ,

“දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත්ය.”

පෞද්ගලීකරණය වූ බලවේග සේවකයන්ගේ මාසික දීමනාව ඉහළට

පෞද්ගලීකරණය වූ බලවේග සේවකයන්ගේ මාසික දීමනාව ඉහළට

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර