විශ්ව බුද්ධට යළිත් අධිකරණ නියෝගයක්..

Report

'විශ්ව බුද්ධ' නමින් පෙනී සිටි පුද්ගලයා බෞද්ධ දර්ශනයට අපහාස වන අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ල වීය.

විශ්ව බුද්ධට යළිත් අධිකරණ නියෝගයක්.. | Court Order Restored To Vishwa Buddha

එළැඹෙන 24 වැනි දා යළි අධිකරණයට ඔහුව කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (19) නියෝග කළේ ය.

ඒ ඇප මත මුදා හැරීමෙන් පසුවත් එම පුද්ගලයා අධිකරණයේ අවවාද නොතකා පෙර පරිදිම හැසිරෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් ය.

විශ්ව බුද්ධට යළිත් අධිකරණ නියෝගයක්.. | Court Order Restored To Vishwa Buddha

ඒ අනුව යළි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය ලබා දී තිබෙනවා. 

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අදාළව කරුණු දැක්වීමට ශාක්‍යපුත්‍ර ජාතික සංවිධානයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. 

Sponsored By Sarrita Jewellery

විශ්ව බුද්ධට යළිත් අධිකරණ නියෝගයක්.. | Court Order Restored To Vishwa Buddha