මඟුල් ගෙදර ආහාර ගැටළුවක් නිසා හිතුවෙවත් නැති තැනකදී විවාහ වෙන්න වෙලා...

Wedding India World
By Piyumika Feb 04, 2025 12:00 PM GMT
Piyumika

Piyumika

Report

ආහාර ගැටළුවක් හේතුවෙන් අතර මඟ නවතා දැමුණු විවාහ මංගල උත්සවයක චාරිත්‍ර පොලිස් ස්ථානයක් තුළ දී සිදුකළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ බිහාර්හි දී පැවති විවාහ මංගල්‍යයක මනාලයාගේ ඥාතීන්ට සහ අමුත්තන්ට පිළිගැන්වීමට ආහාර හිඟයක් ඇති වූ බවට චෝදනා කරමින් මනාලයාගේ පවුලේ අය එම උත්සවය අතර මඟ නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඉතුරු සල්ලි ඉල්ලූ මගියාට කොන්දොස්තර අමුතුම විදිහට ඉතුරු සල්ලි දීලා..

ඉතුරු සල්ලි ඉල්ලූ මගියාට කොන්දොස්තර අමුතුම විදිහට ඉතුරු සල්ලි දීලා..

ඒ, වනවිටත් විවාහා මංගල්‍යයේ බොහෝ චාරිත්‍ර අවසන්ව තිබූ බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ සමඟ දෙපාර්ශවය අතර ආරවුලක් ද හටගෙන ඇති අතර, මනාලයාගේ පාර්ශ්වය විවාහ මංගල්‍යය ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අනතුරුව මනාලියගේ පවුලේ ඥාතීන් පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මනාලයා ඔහුගේ පවුලේ විරෝධය නොතකා විවාහ මංගල්‍යය ඉදිරියට ගෙන යාමට සූදානම් බව පවසා තිබෙනවා.

සුප්‍රසිද්ධ ගායකයකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්..

සුප්‍රසිද්ධ ගායකයකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්..

ලැබුණු පැමිණිල්ල මත පවුල් දෙකම පොලිස් ස්ථානයට කැඳවා ඇති අතර, එහිදී මනාලයාගේ ඥාතීන් උත්සවය පැවැත්වීමට එකඟ වී ඇති බව සඳහන්.

අනතුරුව පොලියේ ද මැදිහත්වීම මැද විවාහයේ අනෙකුත් චාරිත්‍ර පොලිස් ස්ථානය තුළ දී සිදුකළ විවාහ මංගල්‍ය පොලිසිය තුළදීම අවසන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

You may like this video

ReeCha