හෙරොයින් ළග තියාගත් රත්නපුරේ නෝනයි මහත්තයයි දෙන්නම පොලිස් දැලේ
රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් ඩී.කේ. පරණලියන මහතා විසින් නියෝග කර ඇත්තේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැමියා සහ බිරිය මෙම මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. .
මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝදරගම පොලීසිය විසිනි.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ 41 හැවිරිදි රණසිංහආරච්චිගේ සුදර්ශණ සැමියා සහ 38 හැවිරිදි පී.එම්. නදිෂා දිල්රුක්ෂි යන දෙදෙනා වේ.
ඔවුන් පදිංචිව සිට ඇත්තේ රත්නපුර පලාවෙල නව ගම්මානයේ ය.
සැකකාර සැමියා අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඔහු ඇඳ සිටි යට ඇඳුම්වල සහ ශරීරය තුළ රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු ග්රැම් 94ක් සහ මිලිග්‍රෑම් 420ක් ද, ඔහුගේ බිරිය වන පී.එම්. නදිෂා දිල්රුක්ෂිකා යන සැකකාරිය ඇඳ සිටි ඇඳුම්වල සාක්කුවල තිබී රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සොයාගන්නට ලැබී තිබේ.