ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට මුළු අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 5.8%කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව, එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4,212 දක්වා වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
පසුගිය වසරේ මෙරට මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3,978ක් ලෙස වාර්තා විය.
පසුගිය වසරට සාපේක්ෂව සේවා අපනයන 10.88%කින් ඉහළ ගොස් ඇත.
මේ අතර, වෙළඳ භාණ්ඩ අපනයන 4.6%කින් ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.