ඩෑන් ප්‍රියසාද් මිය ගිය සිද්ධියේ ඇත්ත නැත්ත රුක්ෂාන් බෙල්ලන කියයි

Report

වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී 9.20ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා.

අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය බෙල්ලන පැවසුවේ, රෝහලට රැගෙන ආ අවස්ථාවේදී ඩෑන් ප්‍රියසාද් අසාධ්‍ය තත්ත්වයේ සිටි බවත්, ඔහුගේ පපුව සහ උරහිස ප්‍රදේශවලට වෙඩි වැදී තිබූ බවත්ය.

ඩෑන් ප‍්‍රියසාද් මිය යන්නට පෙර මෝචරියට ගිහින් දාලලු! - පොලිසියම කියයි

ඩෑන් ප‍්‍රියසාද් මිය යන්නට පෙර මෝචරියට ගිහින් දාලලු! - පොලිසියම කියයි

ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය උපරිම උත්සාහය දැරූවත්, එම වෑයම අසාර්ථක වී රාත්‍රී 11.20ට පමණ ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරයා තවත් සඳහන් කළේය.

නමුත්, ඊට පෙර රාත්‍රී 10ට පමණ ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවත්, ඔහුගේ මෘත ශරීරය මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ මුල් නිවේදනයක දැක්වුණි.

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

කෙසේවෙතත්, පසුව නිකුත් කළ දෙවැනි නිවේදනයකින් පොලිසිය පවසන්නේ ඩෑන් ප්‍රියසාද් තවමත් මියයෑමක් සිදු වී නොමැති බවත්, ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය.