ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 6ක් - සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Report

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, මෙම ඝාතනය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇති බව වාර්තා වේ.

පොලීසිය සැකපළ කරන්නේ, මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරනු ඇති බවයි.

ඩෑන් ප්‍රියසාද් මිය ගිය සිද්ධියේ ඇත්ත නැත්ත රුක්ෂාන් බෙල්ලන කියයි

ඩෑන් ප්‍රියසාද් මිය ගිය සිද්ධියේ ඇත්ත නැත්ත රුක්ෂාන් බෙල්ලන කියයි

ඊයේ (22) රාත්‍රියේ වැල්ලම්පිටිය, ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකදී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීමක් සිදුවිය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලා ගිය බව පොලීසිය පවසයි.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

ඩෑන් ප්‍රියසාද්ට ෂොට් එක දුන්නේ රාජපක්ෂ රෙජිමයි..??? ප්‍රබල සාක්ෂියක් නිහඬ කළා...?

පිස්තෝලයක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

ඔහුගේ උරහිසට වෙඩි ප්‍රහාර දෙකක් සහ පපුවට තවත් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඩෑන් ප‍්‍රියසාද් මිය යන්නට පෙර මෝචරියට ගිහින් දාලලු! - පොලිසියම කියයි

ඩෑන් ප‍්‍රියසාද් මිය යන්නට පෙර මෝචරියට ගිහින් දාලලු! - පොලිසියම කියයි