සියල්ල බලා සිටි ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදල හැක් වුණු විදිහ හෙළිවේ - අවසන් වාර්තාවේ සියල්ල සඳහන්

Report

ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය  අතපසුවීමක් නොව, ආයතන කිහිපයක පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම්වල අසාර්ථකභාවයේ සමස්ත ප්‍රතිඵලයක් බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) අවධාරණය කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා සකස් කරන ලද අවසන් වාර්තාව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මායි යෝෂිතයි මුදු මාරු කරගන්න හිටියේ එයාලගේ ගෙදරින් අකමැති වුණා අපි ගෙයකුත් හැදුවා බෑග් පුරවන් සල්ලි ගෙනාවා - උසාවියම දෙදර වූ යසාරගේ පාපෝච්චාරණය

මායි යෝෂිතයි මුදු මාරු කරගන්න හිටියේ එයාලගේ ගෙදරින් අකමැති වුණා අපි ගෙයකුත් හැදුවා බෑග් පුරවන් සල්ලි ගෙනාවා - උසාවියම දෙදර වූ යසාරගේ පාපෝච්චාරණය

මෙහිදී සයිබර් අපරාධයකට සම්බන්ධ මහා පරිමාණ මුදල් වංචාවක් සිදුව ඇති බවත්, ඒ හරහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මහජන මුදල් හොරකමක් සිදුව ඇති බවත් විමර්ශනවලදී පැහැදිලිව පෙනී යන්නේ යැයි එම වාර්තාවේ දැක්වේ.

තවද, අලුතෙන් පිහිටවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ණය ආපසු ගෙවීමේ කාර්යයන් මෙහෙයවීම සඳහා පූර්ණ නිශ්චිත විමර්ශන කොන්දේසි සහිත ලේඛනයක් නොමැති වීම, පද්ධතියේ ක්‍රියාපටිපාටි මෙහෙයුම් හිදැස් තවදුරටත් උග්‍ර කළ ප්‍රධාන පාලන අතපසුවීමක් බවද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි මිය ගිය සියලුම බන්ධනාගාර නිලධාරින්ට ලක්ෂ ගාණක වන්දි හා උසස් වීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි මිය ගිය සියලුම බන්ධනාගාර නිලධාරින්ට ලක්ෂ ගාණක වන්දි හා උසස් වීම්