තරුණියන් මත් කර සල්ලාලකම් කෙරූ කොස්තාපල් රිමාන්ඩ්
Sri Lanka Police
Sri Lanka
Sexual harassment
Sinhala news
By Zara
තරුණියන් දෙදෙනකුට මත්පැන් බීමටදී ලිංගික අතවර කර ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් තර්ජනය කළ පොලිස් කොස්තාපල්වරයකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ථිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ තලංගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු බව අනාවරණය වී තිබෙනවා.
නිවිතිගල, උඩකරවිට ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියකට සහ එම තරුණියගේ සහෝදරයා විවාහ වීමට සිටි තරුණියට මෙලෙස ලිංගික අතවර කර ඇති බවට ලද පැමිණිල්ලක් මත නිවිතිගල පොලිසිය විමර්ශන ආරම්භ කර මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පවසනවා.
මෙම සිදුවීමට අදාළව තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
