මාස තුන තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 1,267

Bribery Commission Sri Lanka Law and Order Sinhala news
By Shehan Apr 29, 2025 05:22 AM GMT
Shehan

Shehan

Report

මෙම වසරේ පළමු මාස තුන තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 1,267ක් ලැබී ඇත.

මෙම පැමිණිලි මත පුද්ගලයන් 22 දෙනෙ, ඒ අතරට විදුහල්පතිවරයෙක්, පොලිස් නිලධාරීන් 6 දෙනෙක් සහ රජයේ නිලධාරීන් 7 දෙනෙක් ඇතුළත්ව, අත්අඩංගුවට ගෙන ඇත.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට

පැමිණිලි සම්බන්ධයෙන් වැටලීම් 24ක් සිදු කර ඇති අතර, චූදිතයන් 24 දෙනකුට එරෙහිව නඩු පවරා ඇත.

ඒ අතර පොලිස් නිලධාරීන් 7 දෙනෙක්, පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් 2 දෙනෙක් සහ ප්‍රාදේශීය සභාවල කාර්ය මණ්ඩල සාමාජිකයන් 5 දෙනෙක් සිටිති.

ප්‍රමාණවත් තොරතුරු නොමැතිකම සහ අල්ලස් පනතට අදාළ නොවීම හේතුවෙන්, ලැබුණු පැමිණිලිවලින් 365ක් විභාග නොකිරීමට කොමිසම තීරණය කර ඇත.

වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි

වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි