විදුලිය බිඳ වැටීම ගැන පැමිණිලි ඉහළට
විදුලි බල මණ්ඩලය පවසන්නේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය 24ක් තුළ විදුලිය බිඳ වැටීම් 50,000ක් පමණ වාර්තා වී ඇති බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ, පෙරේදා(29) රාත්‍රී 8 සිට ඊයේ(30) රාත්‍රී 8 දක්වා වාර්තාවී ඇති විදුලි බිඳ වැටීම්වලින් 29% ක් එනම් 14,030කට ආසන්න ප්‍රමාණයක් යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
ඔහු සඳහන් කළේ විදුලිය බිඳවැටීම් වැඩිම සංඛ්‍යාව මධ්‍යම සහ බස්නාහිර පළාත්වලින් වාර්තාවී ඇති බවයි.
මධ්‍යම පළාතෙන් විදුලි බිඳ වැටීම් 15,000ක් සහ බස්නාහිර පළාතෙන් විදුලි බිඳ වැටීම් 10,000ක් වාර්තාවී තිබෙනවා.
මධ්‍යම පළාතේ බිඳවැටීම් 5,300ක්ද බස්නාහිර පළාතේ 1,700ක්ද යථා තත්ත්වයට පත්කර ඇති බවයි ධම්මික විමලරත්න මහතා පැවසුවේ.
දිවයින පුරා විදුලිය බිඳ වැටීම් පිළිබඳ තොරතුරු, CEB ASSIT ජංගම දුරකතන යෙදවුම හරහා දැනුම් දිය හැකියි.
