කෝටි ගාණක වංචාවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැමිණිල්ලක්

Report

අද (19) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි මහත්මිය (Shade of procare pvt ltd) ප්‍රෝකෙයාර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙක් 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ එම අධ්‍යක්ෂවරයා විසින් රැකියා විරහිත තරුණ තරුණියන් ලක්‍ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළ බවට ඇති චෝදනාවක් සඳහා.

ගල්කිස්ස වෙඩි තැබීම ක්‍රොන්ත්‍රාත්තුවක්...තරුණයාගේ මවත් පැටලෙයි

ගල්කිස්ස වෙඩි තැබීම ක්‍රොන්ත්‍රාත්තුවක්...තරුණයාගේ මවත් පැටලෙයි

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පිරිමිඩාකාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අකිල නිලන්ත නමැත්තෙක්.

එම සමාගමේ සභාපතිවරයා ද හෙට දිනයේ දී රහස් පොලිසියට ඉදිරිපත්ව ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ඔහුද අත්අඩංගුවට ගෙන හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙසේ දිනක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයෙන් (72322) සෙනෙවිරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.

ඒ අනුව අඳාළ පිරමීඩාකාර සමාගම පවත්වා ගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂ පහකට දෙස් විදෙස් ඔන්ලයින් රැකියා,රියදුරු රැකියාවේ සිට ඉහළ ශ්‍රේණියේ වෘත්තීන් දක්වා රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් බව වාර්තා වේ.

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

අධිකරණයට කරුණු දැක්වූ රහස් පොලිසිය ප්‍රකාශ කළේ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන්ට ඔන්ලයින් ඔස්සේ පුහුණු පාඨමාලාවක් පවත්වන බවට ප්‍රචාරය කර ඇති සැකකාර සමාගම, එම පුහුණුව සඳහා රුපියල් විසිඑක්දහසක මුදලක් රැකියා අපේක්ෂකයෙකුගෙන් ලබා ගෙන මෙම වංචා කර ඇති බවයි.

එසේම අඳාළ සමාගම කොළඹ බීඑම් අයි සී එච් පරිශ්‍රයේ දී රැකියා වෙළඳපොලක් සංවිධානය කරමින් පවතින බවත්, අදාළ සමාගම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් මේ වන විට ද ශ්‍රී ලංකා මහ බැංකුව දැන්වීම් පළකර ඇති බවත් එහි දී සඳහන් කර ඇත.

ඒ අනුව මෙම පැමිණිල්ල හෙට දිනයේදී නැවත කැඳවීමට නියමිත බව සඳහන්.