ගල්කිස්ස වෙඩි තැබීම ක්‍රොන්ත්‍රාත්තුවක්...තරුණයාගේ මවත් පැටලෙයි

Report

ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා ඝාතනය කර ඇත්තේ ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවක් මත බව ගල්කිස්ස පොලිසිය ප්‍රකාශ කරයි.

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

ඒ අනුව ඉකුත් (05) දා ගල්කිස්ස සිල්වෙස්ටර් මාර්ගයේ සුද්ධ පවිත්‍ර රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශ කම්කරුවකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් අඳාළ වෙඩි තැබීම සිදු කර තිබුණා.

සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී තිබුණේ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ 19 හැවිරිදි තරුණයා වෙඩික්කරුවන්ගෙන් බේරීම සදහා මාර්ගය දිගේ දිව ගොස් ඇති බවයි.

එහෙත් වෙරළ පාර ප්‍රදේශයේදී දිවයාමට නොහැකිව නතර වූ අවස්ථාවේ වෙඩික්කරුවකු ඔහු අසලට පැමිණ වෙඩි තබා යතුරුපැදියෙන් පලා ගොස් ඇත.

අද සිට සතියක් යනතුරු ප්‍රදේශ රැසක් පරීක්ෂාවට

අද සිට සතියක් යනතුරු ප්‍රදේශ රැසක් පරීක්ෂාවට

අඳාළ පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ තරුණායගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවයි.

පොලිසිය සැක පළ කරන්නේ ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම තරුණයාට වෙඩි තබන්නට ඇති බවයි.