ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

Report

අද වෙන කොට internet shopping කියන්නේ මුළු ලෝකෙටම නැතුවම බැරි දෙයක් කිව්වොත් නිවැරදියි. දිනපතාම සමාජ මාධ්‍ය හරහා අලුත් වෙන ආරංචිත් එක්ක තරුණ පිරිස් විතරක් නෙවෙයි වැඩිහිටි පරම්පරාවත් ඒ ගැන හරි උනන්දුයි.

මෑතක ඉඳන් එහෙම ආපු රැල්ලක් විදිහට TEMU නමැති චීන වෙබ් අඩවිය එහෙමත් නැත්තම් TEMU ඇප් එක අපිට හඳුන්වන්න පුළුවන්.

බටලන්ද වාර්තාව අධ්‍යනයට නීතිපති විසින් සිව් පුද්ගල කමිටුවක්

බටලන්ද වාර්තාව අධ්‍යනයට නීතිපති විසින් සිව් පුද්ගල කමිටුවක්

මුලින් මුලින් TEMU එකෙන් shopping කරපු අයට සතුටු හිතෙන වාසි ලබා ගන්න පුළුවන් වුණත් මේ දිනවල නම් සමාජ මාධ්‍ය පුරාවටම අපිට දැක ගන්න ලැබෙන්නේ TEMU එකෙන් භාණ්ඩ ඇණවුම් කරලා විපතට පත් වුණ අය.

ඒ විදිහට TEMU ඇප් එකෙන් භාණ්ඩ ඇණවුම් ක‍රලා ගැටලුවලට මුහුණ දුන්න පාරිභෝගිකයින් පිරිසක් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් දාලා තිබුණා.

මේ පැමිණිල්ල ලැබුණට පස්සෙ අපේ රටේ ක්‍රියාත්මක වන පාකිස්ථානයට අනුබද්ධ CPEX නමැති කුරියර් සේවා ආයතනය වටලන්න පොලීසියට පාරිභෝගිකයිනුත් සහයෝගය දුන්නා කියලා තමයි තොරතුරු වාර්තා වුණේ.

වටලන අවස්ථාවේ ආයතනයෙ ගොඩගහලා තිබුණු ලොකු පාර්සල් තොගයක් හමු වෙලා තිබෙනවා.

ඒ වගේම තව සමහර පාර්සල් කඩලා බලලා තිබුණා කියලත් සඳහන් වෙනවා.

ඒ නිසා මේ පාර්සල්වල තිබුණු දේවල් සොරකම් කරලද  කියලා පාරිභෝගිකයින්ට ඇති වුණ සැකය මත CPEX කියන කුරියර් සේවාවේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක් කරනවා.

ඉන්පසු  මැයි මාසේ 25 වන දිනට කළින් ප්‍රමාද වුණ ඇණවුම් තැපෑලෙන් බෙදනවා කියලා පොරොන්දු වුණා කියලා තමයි දැනගන්න ලැබුණේ.

ඒත් එක්කම ආරංචි වුණ දෙයක් තමයි මේ බෙදාහැරීම් ගැටලුව TEMU චීන සමාගමේ වරදක් නොවේ කියන කාරණය.

පසුගිය මාසය තෙක් බෙදාහැරීම් භාරගෙන තිබුණු 'කූඹියෝ' කියන දේශීය සමාගම TEMU බෙදාහැරීම් ඉතාම නිවැරදිව කරලා තිබෙනවා.

හැබැයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ කූඹියෝ වෙනුවට CPEX කියන කුරියර් සේවාවට භාණ්ඩ බෙදාහැරීම වෙනස් කරට පස්සෙ බව තමයි කියන්නේ.

අන්තර්ජාලය හරහා TEMU චීන සමාගම ඊමේල් හරහා මේ ගැටලුව ගැන CPEX අමතන්න කියලා අංකයක් දීලා තිබ්බත් ඒ අංකයෙන් පිළිතුරක් නැහැ කියලා තමයි ආරංචි වුණේ.

"දෙපැත්තටම වාසි නම් ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමතියි" (PHOTO)

"දෙපැත්තටම වාසි නම් ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමතියි" (PHOTO)

අපේ රටේ TEMU පාරිභෝගිකයෝ දැනටමත් මේ ගැන කියලා චීන සමාගමට පැමිණිලි කරලා අවසන්.

මේ ගැටලුවට මුහුණපාන අයට යම් ලෙසකින් භාණ්ඩ නොලැබුණොත් හෝ අනවශ්‍ය ප්‍රමාදයක් ඇති වුණොත් චීන සමාගමින් නැවත මුදල් ඉල්ල ගන්න පුළුවන් පාරිභෝගික ආරක්ෂණයක් ද තිබෙනවා.

කොහොම වුණත් මේ ගැටලු ගැන මේ වනවිට සක්‍රීය Temu Sri lanka කියන ෆේස් බුක් ගෘෘප් එක විසඳුම් සාකච්ඡා කරමින් ක්‍රියාත්මක වෙනවා.

අපේ රටේ TEMU පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නේ ඇණවුම් දාද්දි පොඩ්ඩක් ප්‍රවේශමෙන් වෙන්න කියලා තමයි.

GalleryGalleryGalleryGallery