දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට - සැකකරුවන් ගොඩබිමට
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් ඉදිරි විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.