නවම් පෙරහැර ගැන දැනුම්දිමක්
By Kanchana
කොළඹ අගනගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද (31දා) හා හෙට (01දා) අති උත්සවාකාරයෙන් හා සංස්කෘතික අංගයන් ගණනාවකින් සමන්විතව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් මෙම පෙරහැර පැවැත්වේ.
තවද මෙම නවම් පෙරහැර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සංස්කෘතික අංගයක් වේ .