මතට පුරුදු වූවන් හට ගොඩයන්න හොදම අවස්ථාවක්

Report

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවනට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරම්භ කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්.අමිත් මහතා සදහන් කර තිබේ.

  තව දුරටත් එතුමා සදහන් කළේ ඖෂධ ඇතුළු සියලු පහසුකම් රජය විසින් ලබා දෙන බවයි.

ඒ වගේම මත් ද්‍රව්‍යවලට පුරුවූ පුද්ගලයන්ට මාස 03 පුනරුත්ථාපන කාලයකින් පසු සිය ජීවිකාව කරගෙන යාම සඳහා රැකියාවක් කරගෙන යාමට වෘත්තීය පුහුණුවක් ලබා දෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ .

මේ සම්බන්ධයෙන් 0769627761 දුරකථන අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාව තිබේ.

එතුමා තව දුරටත් ඉල්ලා සිටියේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින තරුණ තරුණියන් කඩිනමින් පුනරුත්ථාපනය සඳහා යොමුවන ලෙසයි.