කොළඹ සිසුවාගේ සිද්ධිය ගැන සැබෑ කතාව මෙන්න.. ගුරුවරියන් දෙදෙනාත් පාසලෙන් මාරුවෙලා

Report

කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට අදාළව සමාජ මාධ්‍ය හරහා දැනට ප්‍රචාරය වෙමින් පවතින සිද්ධිය මීට වසර දෙකකට පමණ පෙර සිදු වූ බවත්, එයට සම්බන්ධ ගුරුවරියන් දෙදෙනා මේ වන විට පාසලෙන් මාරු වී ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ. 

එක් ගුරුවරියක් මීට මාස හයකට පමණ පෙර මාරු වී ගොස් ඇති අතර, අනෙක් ගුරුවරිය මීට මාසයකට පමණ පෙර මාරු වී ඇත. සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අය පාසලේ සිසුවෙකුගේ මවක වන අතර, අනෙක් තැනැත්තිය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් පුහුණුවක් ලබා ගැනීම සඳහා පාසලට පැමිණි පුද්ගලයෙකි.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ශිෂ්‍ය නායකයා උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ 2024 වසරේදී වන අතර, ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පත් කර ඇත්තේ විභාගයෙන් පසුව වසරක කාලයක් සඳහා ය.

හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් වූයේ ඉකුත් ජනවාරි 11 වැනිදා ය. එම දිනම පාසල් පරිපාලනය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති අතර, ජනවාරි 16 වැනිදා එම සිසුවා ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරෙන් ඉවත් කර තිබේ. පසුව සිද්ධිය සම්බන්ධ වාර්තාවක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ද ලබා දී ඇත.

මෙම සිසුවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට ලියාපදිංචි වී තිබූ අතර, සිද්ධිය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග එම ආයතනයෙන් ද ඔහු ඉවත් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගත හැකිය.

අග්‍රාමාත්‍යවරිය වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙම පාසලේ උත්සවයක ප්‍රධාන ආරාධිත ලෙස පසුගිය සිකුරාදා (23 වැනිදා) පැමිණ ඇති අතර, සිද්ධියට අදාළ ප්‍රචාරණය සමාජ මාධ්‍ය හරහා ආරම්භ වී ඇත්තේ එදින ය. වීඩියෝ දර්ශන අනාවරණය වූ දින සිට එදින දක්වා සමාජ මාධ්‍ය හරහා කිසිදු ප්‍රචාරණයක් සිදු නොවූ බව පාසලේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

පාසල් වීඩියෝව ගැන රජය කට අරි - අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උත්තරේ මෙන්න

පාසල් වීඩියෝව ගැන රජය කට අරි - අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උත්තරේ මෙන්න

ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ විනය පියවර ගැනීමට හැකියාවක් නැති බව අධ්‍යාපන ලේකම් කියයි

ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ විනය පියවර ගැනීමට හැකියාවක් නැති බව අධ්‍යාපන ලේකම් කියයි