අද පසුබාපු කොළඹ කොටස්වල තත්ත්වය මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක දෙකම අද සුළු පසුබෑමක් වාර්තා කරමින් වෙළෙඳපොළ කටයුතු අවසන් කර ඇත. එසේ වුවත් දෛනික පිරිවැටුම රුපියල් බිලියන 7 ඉක්මවා වාර්තා වීම විශේෂත්වයක් ගෙන තිබෙනවා.
මේ අතර සියලු කොටස් මිල දර්ශකය (ASPI) 22,097.99 ක් ලෙස දිනය අවසන් කළ අතර, එය පෙර දිනයට වඩා 65.24 ක පහත වැටීමක් විය (-0.29%).
එසේම වඩාත් ද්‍රවශීලී සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය (S&P SL20) 6,163.22 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට වඩා 28.32 කින් හෙවත් -0.46% කින් පහත වැටී ඇත.
සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ වෙළෙඳපොළේ දර්ශක පහත වැටුණත් සමස්ත වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ඉහළ මට්ටමක පැවති බවයි.
ඒ අනුව අද දින මුළු පිරිවැටුම රුපියල් 7,323,142,425.85 ක් වශයෙන් වාර්තා වුණා.
එයට අමතරව ගනුදෙනු වූ මුළු කොටස් ප්‍රමාණය 189,461,994 ක් ලෙස සඳහන්.
එබැවින් සමස්තයක් වශයෙන් වෙළෙඳපොළෙහි සුළු දර්ශක පසුබෑමක් පැවතියත් ඉහළ මට්ටමේ ගනුදෙනු ක්‍රියාකාරිත්වයක් වාර්තා වීමෙන් ආයෝජකයින් අතර ක්‍රියාකාරීත්වයක් පැවතුන බව සඳහන්.