කොළඹ කොටස්වලට නරක කලදසාවක් - බිමටම වැටෙයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) දින ඒකක 189.63 කින් (0.85%) පහත වැටී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එය 22,175.14 ක් වශයෙන් සටහන් විය.
මේ අතර බිඳ වැටුණු කොටස් මිල හේතුවෙන් වාර්තා වූ මුළු පිරිවැටුම රුපියල් බිලියන 4.9 ක් ලෙස සටහන් වී ඇත.