කොළඹ වරාය කෝටි 3200කට වැඩි ශුද්ධ ලාභයක් වාර්තා කරයි

Report

 ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් කොළඹ වරාය මෙම වසරේ (2025) පළමු මාස 8 තුළ රුපියල් බිලියන 32.2 ක ක් හෙවත් රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක් ලැබූ බව ප්‍රකාශ කරයි.

ඒ අනුව කොළඹ වරාය 2024 වසරේ පළමු මාස 8 තුළ රුපියල් බිලියන 18.9 ක ශුද්ද ලාභයක් ලැබූ අතර 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය වැඩි වීම බිලියන 13 ක් බවත් සඳහන් කරයි.

එසේම එය ප්‍රතිශතයක් වශයෙන් සියට 71 ක වර්ධනයක් බවත් එම අධිකාරිය පවසයි.

මහ බැංකුවෙන් දැන් ලැබුණු සුභ ආරංචියක්

මහ බැංකුවෙන් දැන් ලැබුණු සුභ ආරංචියක්

මේ අතර මෙම වසරේ පළමු මාස 8 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 ක් පමණ වේ. එසේ වුවත් වරාය අධිකාරිය සඳහන් කරන්නේ ඇස්තමේන්තු ගත ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 11 ක ලාභයක් ලබා ඇති බවයි.

ඒ අනුව අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති සහ සේවාව කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බහලුම් හැසිරවීම 2024 පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 6 පමණ වර්ධනයක් පෙන්නුම් කරන බව ද වාර්තා කරයි.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

බීඩි මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

බීඩි මිල ඉහළට - නව මිල ගණන් මෙන්න