කොළඹ දිස්ත්‍රික්කයේ භයානක අවදානම් තත්ත්වයක් ගැන හෙළිදරව්වක්.

Colombo Sri Lanka
By krishani Oct 14, 2023 10:54 PM GMT
krishani

krishani

Report

කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට අවදානම් තත්ත්වයේ පවතින මහල් නිවාස ඇතුලු ගොඩනැගිලි 8 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.

තම ආයතනය විසින් පරීක්ෂාවට ලක් කළ මහල් නිවාස ඇතුලු ගොඩනැගිලි 27 ක් අතරින් මෙම අවදානම් තත්ත්වයේ පවතින මහල් නිවාස ඇතුලු ගොඩනැගිලි 8 හඳුනා ගෙන ඇති බව එම සංවිධානයේ සභාපති ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසීය.

කෙසේ වෙතත්, රසායනාගාර පරීක්ෂණයකින් අනතුරුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසූරියගෙන් සඳහන් කළේ ය.

ReeCha